fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට අත්අඩංගුවේ තිබූ තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 05 ක් යළි ඉන්දියාවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2019 14:17

මෙරට අත්අඩංගුවේ තිබූ තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 05 ක් යළි ඉන්දියාවට

මෙරට අත්අඩංගුවේ තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත‍්‍රා පහක් යළි භාරදුන් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා. එම යාත‍්‍රා අත්අඩංගුවට ගැණුනේ ශ‍්‍රී ලංකා මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවීම හේතුවෙනි.

කරෙයිනගර් ශ‍්‍රි ලංකා නාවික නෞකා එලාර ආයතන ජැටියෙහි මේවා නැංගුරම්ලා තිබුණා. පසුගියදා පැමිණි ඉංජිනේරුවරුන් පිරිසක් යාත‍්‍රා අලුත්වැඩියා කළ බවයි නාවික හමුදාව පවසන්නේ. එම ට්‍රෝලර් යාත‍්‍රා අන්තර් ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරලාරක්ෂක බලකායේ අමේයා නෞකාව වෙත භාරදී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2019 14:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්