fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංගීත සංදර්ශනයේ ගැටුමක් – 30ක් අත්අඩංගුවේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2019 10:17

සංගීත සංදර්ශනයේ ගැටුමක් – 30ක් අත්අඩංගුවේ

සංගීත සංදර්ශනයකදී ඇති වූ ගැටුමකින් අනතුරුව පුද්ගලයන් තිස් දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බණ්ඩාරවෙල නගරයේ ඊයේ පැවති සංගීත සංදර්ශනයකදී ප්‍රේක්ෂකයින් සහ සංගීත කණ්ඩායමක් අතර ගැටුමක් ඇති වුණා. රාත්‍රී දහයට පමණ සංගීත සංදර්ශනය අවසන් කර ඇති අතර ඒ වන විටත් ටිකට් පත් අලෙවි වෙමින් පැවතීම හේතුවෙන් ගැටුම හටගත් බවයි වාර්තා වන්නේ. පසුව පොලීසිය පිරිස විසුරුවා හැරීමට කටයුතු කළා.  ගැටුමෙන් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට සහ තවත් පිරිසකට තුවාල සිදු වුණා. දේපළ හානි සහ කලහකාරී ලෙස හැසිරීමේ චෝදනා මත බණ්ඩාරවෙල පොලීසිය මගින් තිස් දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඉන් අට දෙනෙකු නිදහස් කෙරුණා. ඉතිරි විසිදෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2019 10:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්