fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය නිවාරණයට ජනපතිට සිංගප්පූරුවේත් සහාය

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2019 11:03

මත්ද්‍රව්‍ය නිවාරණයට ජනපතිට සිංගප්පූරුවේත් සහාය

මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් සිංගප්පූරු රජය යොදා ගන්නා ශිල්පීය සහ තාක්ෂණික දැනුම ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට හදුන්වා දීමට එරට බලධාරීන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය එකගතාව පළ කර තිබෙනවා. මේ එකගතාව පළ කර ඇත්තේ අද පෙරවරුවේ සිංගප්පූරුවේ දී ජනාධිපතිතුමා සහ එරට අමාත්‍යවරයෙක් ඇතුළු පිරිසක් අතර පැවති සාකච්ඡාවකදියි.

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ සිංගප්පුරු රජයේ සමාජ හා පවුල් සංවර්ධන අමාත්‍ය සහ ජාතික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඩෙස්මන් ලී මහතා ඇතුළු එරට මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළ අංශවල නිලධාරීන් අතර හමුවක් එරට මැන්ඩරින් ඔරියන්ටල් හෝටලයේදී සිදු වුණා. එහිදී ශ්‍රී ලංකාවේ මත් උවදුර මර්දනයට සහාය ලබාදෙන ලෙස ජනාධිපතිතුමා කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මත්ද්‍රව්‍ය නිවාරණය සදහා සිංගප්පූරුව යොදා ගන්නා ශිල්පීය සහ තාක්ෂණික දැනුම ශ්‍රී ලංකාවට ලබාදීමට එරට රජය එකගතාව පළ කර තිබෙනවා. ඒ අනුව මත්ද්‍රව්‍ය නිවාරණය සහ පාලනය වෙනුවෙන් ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ උදෙසා සිංගප්පූරුවේ සහාය ලබාදීම සොයා බැලීමට එරට රජය නියෝජනය කරමින් විශේෂ නියෝජිත පිරිසක් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. සිංගප්පුරු රජය මත්ද්‍රව්‍ය වැටලීමට අදාළව අනුගමනය කරන්නා වූ ක්‍රීයාදාමයන් පිළිබදවත් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් එරට රජය දියත් කරන ජාතික වැඩසටහන්  පිළිබදවත් ජනාධිපතිතුමා වෙත එරට නිලධාරීන් කරුණු ඉදිරිපත් කළා. මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් එරට අමාත්‍යාංශ කිහිපයක් ජාතික මට්ටමින් ක්‍රියාවට නංවා ඇති වැඩසටහන්වල වත්මන් ප්‍රගතිය පිළිබදවද මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව දැනුවත් කරනු ලැබුවා. මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන පොලිස් නිලධාරීන් අගයමින් ඔවුන් වෙත ජනාධිපති සම්මාන පිරිනැමීමට තමා ඉදිරි සතියේදී පියවර ගන්නා බවද ජනාධිපතිතුමා මෙහිදි සදහන් කළා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2019 11:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්