fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බරපතල රථ වාහන වැරදිවලට නීති දැඩිවෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2019 17:18

බරපතල රථ වාහන වැරදිවලට නීති දැඩිවෙයි

බරපතල රථවාහන වැරදි සම්බන්ධයෙන් නව නීති පැනවීමට කටයුතු කරන බව අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසනවා.  ඊට එරෙහිව පනවන දඩ මුදල් ද ඉහළ දැමීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

හදුනානොගත් වාහනවලින් අනතුරට ලක් වූවන් සදහා වන්දි මුදල් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. මාර්ග ආරක්ෂාව පිලිබද ජාතික සභාවයි එය සංවිධාන කර තිබුණේ. හදුනානොගත් වාහනවලින් මිය ගිය 04 දෙනෙකුගේ පවුල් සදහා රුපියල් ලක්ෂ 02 බැගින් වූ මුදල් පරිත්‍යාග ලබාදුන්නා. බරපතල තුවාල ලැබූ 16 දෙනෙකු සදහා රුපියල් ලක්ෂය  බැගින් වූ මුදල් ආධාර  ද ප්‍රදානය කෙරුණා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2019 17:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්