fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා අගමැතිට පාකිස්තාන අගමැතිගෙන් සුබපැතුම්

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2019 15:56

ශ්‍රී ලංකා අගමැතිට පාකිස්තාන අගමැතිගෙන් සුබපැතුම්

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පවතින සබදතා නව ප්‍රගතිශීලී ප්‍රවේශයක් වෙත යොමු කිරීමට කටයුතු කළ යුතු බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන් මහතා පවසනවා. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවුඩයක් යොමු කරමින් ඒ මහතා මේ බව සදහන් කරනවා.

දශක ගණනක් පුරා ද්වීපාර්ශ්වික, කලාපීය මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් ශ්‍රී ලංකාව පැවැත්වූ සබදතා ඇගයීමට ලක්කරන බව ඉම්රාන් කාන් මහතා පවසනවා. ශ්‍රී ලංකාව තුළ තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වනු දැකීම අපේක්ෂාවයි. ඒ වෙනුවෙන් ඕනෑම සහායක් ලබාදෙන බව ද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සිය පණිවුඩයෙන් ප්‍රකාශ කරනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2019 15:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්