අනුරාධපුර පුත්තලම ප්රධාන මාර්ගයේ පොතානේගම ප්රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
අනුරාධපුර සිට පැමිණි කැබ් රථයක ත්රි රෝද රථයක් ගැටීමෙන් එය මාර්ගයෙන් ඉවතට ඇදීගොස් අසල තිබූ තවත් ලොරි රථයක ගැටී තිබෙනවා. අනතුරෙන් ත්රි රෝද රථයේ සිටි කාන්තාවක් එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් කාන්තාව බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණා. ඔවුන් අනුරාධපුර කොරකහවැව ප්රදේශයේ පදිංචි 73 හා 56 හැවිරිදි කාන්තාවන්. ත්රි රෝද රථයේ රියදුරුද සුලු තුවාල ලබා තිබෙනවා. ත්රි රෝද රථය පදික මාරුව ආසන්නයේ දී ආපසු හැරවීමට යාමේදී අනතුර සිදුව ඇති බවයි පොලීසිය සදහන් කරන්නේ.