අභාවප්‍රාප්ත දේශබන්ධු කරුණාරත්න පුංචිහේවා මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වූවා.
මහනුවර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන දේශබන්ධු කරුණාරත්න මහතාගේ දේහය මහනුවර දොඩංවල රාජසිංහ මාවතේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා. එම නිවසට අද(23) පෙරවරුවේ පැමිණි අග්‍රාමාත්‍යවරයා දේහයට අවසන් ගෞරව දැක්වූවා. කරුණාරත්න මහතාගේ පවුලේ ඥාතීන් වෙත අග්‍රාමාත්‍යවරයා සිය ශෝකයද පළ කර සිටියා. සරත් ෆොන්සේකා, මලික් සමරවික්‍රම, සුජීව සේනසිංහ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද මෙම අවස්ථාවට එක් වුණා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/01/karunarathna.jpg”]