fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩ්‍රෝන යානා ගැන ඇමරිකාවෙන් විමර්ෂණ

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2019 13:02

ඩ්‍රෝන යානා ගැන  ඇමරිකාවෙන් විමර්ෂණ

ඩ්‍රෝන යානාවලින් ඇමරිකාවේ ගුවන් ගමන්වලට බලපෑම් එල්ලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ ආරම්භ වුණා.

නිව්ජර්සිවල නෙවාක් ලිබර්ටි ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ යානා ධාවනය තාවකාලිකව නතර කිරීමට බලධාරින් පියවර ගත්තා. ඒ ඩ්‍රෝන යානා පිලිබඳ සංඥා ලැබීම හේතුවෙන්. නෙවාක් ගුවන් තොටුපොල ඇමරිකාවේ කාර්ය බහුලම මධ්‍යස්ථානයක්. ගුවන්ගමන් කටයුතුවලට බාධා එල්ලවීම හේතුවෙන් මගීන් ද අපහසුතාවට පත්වූ බවයි බලධාරින් සඳහන් කළේ. කෙසේවෙතත් මේ වන විට ගුවන් තොටුපොල කටයුතු යථාතත්වයට පත්කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2019 13:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්