හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10 කට ආසන්න ප්‍රමාණයක් ලග තබාගෙන සිටි ජාවාරම්කරුවෙකුට කොළඹ මහාධිකරණය අද(23) ජිවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කළා. කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතායි නියෝගය නිකුත් කළේ. මෙලෙස දඩුවම් නියම වුණේ කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකුට. ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ 2013 අපේ‍්‍රල් මස 25 වනදා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ වැටලීමකින්.