එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීම සදහා ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිංගප්පූරුව බලා අද(23) පිටත්ව ගියා.
සිංගප්පූරුවේ මරීනා බේ සෑන්ස් ප්‍රදර්ශන සහ සම්මන්ත්රණ මධ්‍යස්ථානයේදී මෙම සමුළුව අනිද්දා (25) පැවැත්වීමට නියමිතයි. රටවල් 40 ක් නියෝජනය කරමින් පරිසර අමාත්‍යවරුන් ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයන් ඊට එක්වනවා. ජනාධිපතිතුමා සිය දෙදින නිල සංචාරය තුළදී සිංගප්පූරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/iljG-IQSxGo”]