fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව ආර්ථිකයකට අඩිතාලම සකසන බව අගමැති කියයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2019 10:24

නව ආර්ථිකයකට අඩිතාලම සකසන බව අගමැති කියයි

මෙරට නව ආර්ථිකයකට අඩිතාලම සකසන බව අග්‍රාමාත්‍ය රනිල් රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සියපත් සෙවන මහල් නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියරේ නිවාස ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.

කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නුහුරු නාගරික ප්‍රදේශ සුහුරු නාගරික ප්‍රදේශ බවට පත් කිරීම සඳහා නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් සියපත් සෙවන මහල් නිවාස සංකීර්ණය ඉදිකෙරුණා. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙනුයි එය ඉදිකෙරුණේ. දෙමටගොඩ ආරාම පෙදෙස් ඉදිකළ සියපත් සෙවන මහල් නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ ඉදිකළ නිවාස ඒකක සංඛ්‍යාව 266 ක්. ඒ සදහා වැයකළ මුදල රුපියල් මිලියන 1064 ක්. මහල් 15 කින් සමන්විත මෙහි සියලු පහසුකම්වලින් සමන්විත නිවාස ඒකක 437 ක් පළමු අදියර යටතේ ජනතා අයිතියට පත්කෙරුණා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,

මැතිඇමතිවරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2019 10:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්