fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිනමා ක්ෂේත්‍රයේ උනන්තිය වෙනුවෙන් කටයුතු කරන බව ඇමති සජිත් කියයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2019 11:58

සිනමා ක්ෂේත්‍රයේ උනන්තිය වෙනුවෙන් කටයුතු කරන බව ඇමති සජිත් කියයි

ප්‍රවීනයන්ගේ අදහස් ලබා ගනිමින් චිත්‍රපට සංස්ථාවේ හා සිනමා ක්ෂේත්‍රයේ උනන්තිය වෙනුවෙන් කටයුතු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මෙරට සිනමාව ආරම්භ කර වසර 72 ක් සැපිරීම හා ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කර  වසර 47 ක් සැපිරීම නිමිත්තෙන් විශේෂ සමරු උළෙලක් ජාතික චිත්‍රපට සංස්තාවේදී පැවැත්වුණා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උළෙලේදී දේශීය සිනමාව වෙනුවෙන් අගනා මෙහෙවරක් සිදු කළ කලාකරුවන් පහළොස් දෙනෙකුට මූල්‍යාධාර පිරිනැමීම සිදු වුණා. වියපත් කලාකරුවන් හා කාර්මික ශිල්පීන් 30 දෙනෙකුට විශ්‍රාම වැටුප් හිමිකම් ලබාදීමට ද මෙහිදී කටයුතු කර තිබුණා.

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ද විද්වතුන්, කලාකරුවන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2019 11:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්