වව්නියාව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ නගරාන්තර ශීඝ්රගාමී දුම්රියේ මැදිරි දෙකක් එන්ජිමෙන් ගැලවී ගොස් තිබෙනවා.
තලාව සහ ශ්රාවස්ත්රිපුර අතර ප්රදේශයේදී මෙම අනතුර සිදුවූ බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ. ගැලවී ගිය මැදිරි දෙක එන්ජිමට සම්බන්ධකර දුම්රිය කොළඹ කොටුව බලා පැමිණ තිබෙනවා. අනතුරෙන් මැදිරිවල සිටි කිසිවෙකුටත් තුවාල සිදුවී නැති බවයි වාර්තා වන්නේ.