fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞදි අරාබි බිම් බෝම්බ ඉවත් කිරීමේ විශේෂඥයින් 5ක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2019 09:03

සෞදි අරාබි බිම් බෝම්බ ඉවත් කිරීමේ විශේෂඥයින් 5ක් ජීවිතක්ෂයට

යේමනයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් අතරතුර සෞදි අරාබි බිම් බෝම්බ ඉවත් කිරීමේ විශේෂඥයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම විශේෂඥයින් පස් දෙනා යේමනයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යයට එක්ව සිටියා. එරට  බිම් බෝම්බ මිලියනයකට අධික සංඛ්‍යාවක් වළ දමා ඇති බවයි පැවසෙන්නේ. බිම් බෝම්බ සෙවීමේ මෙහෙයුම්වලදී මෙම විශේෂඥයින් පස් දෙනා ඇතුළු විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන්. මෙම මෙහෙයුම්වලදී පුද්ගල මරණ එක්දහස් පන්සිය තිස් නවයක් වාර්තා වී ඇති බවයි පැවසෙන්නේ. පුද්ගලයින් තුන්දහසකට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර නවසියයකට අධීක පිරිසක් ආබාධිත තත්ත්වයේ පසුවනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2019 09:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්