පොළොන්නරුව ලක්ෂ උයන රක්ෂිත භූමියෙන් පසුගියදා සොයා ගත් නෙළුම් පොකුණු දෙකේ කැණීම් කටයුතු ආරම්භ කෙරුණා. ඒ ජනාධිපතිතුමාගේ උපදෙස් අනුවයි.
පොළොන්නරුව යුගයට අයත් අලංකාර නිර්මාණයක් වූ නෙළුම් පොකුණට සමාන තවත් එවැනිම නෙළුම් පොකුණු දෙකක් විය හැකි මෙය සම්පූර්ණයෙන්ම කැළෑවෙන් හා පස්වලින් වැසී පවතිනවා. එය මතුකර ගැනීමේ කැණීම් කටයුතු සිදු කෙරෙන්නේ ජනාධිපතිතුමාගේ උපදෙස්වලට අනුවයි. මාස තුනක් තුළ කැණීම් අවසන් කර එය ජනතාවට නැරඹීමට අවස්ථාව උදා කර දීම අරමුණයි. පොළොන්නරුව සහකාර පුරාවිද්‍යා අධ්යක්ෂ ඕ ආර් ජයතිලක මහතාගේ මූලිකත්වයෙන් කැණීම් කටයුතු සිදු කෙරෙනවා. කැලෑවෙන් වැසී තිබෙන සෑම පුරාවිද්‍යා භූමියක්ම ඉදිරියේදී කැණීම් කර සංරක්ෂණය කිරීමට නියමිතයි.