පාකිස්තානයේ නිෂ්පාදිත ටී එන් ටී වර්ගයේ පීඩන බෝම්බ 4 ක් සහ මිලිමීටර් 81 වර්ගයේ ජීව මෝටාර් උණ්ඩ 47 ක් යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකායයි වැටලීම සිදුකළේ.
විශේෂ කාර්ය බලකායේ යාපනය කදවුරේ මනල්කාඩු උප මුරපොලේ නිලධාරීන්ට ලැබුණ තොරතුරුකට අනුව වැටලීම සිදුකෙරුණා. එහි වැඩ බලන ස්ථාන භාර නිලධාරී කේ ජී යූ ජයසුන්දර මහතා ප්රමුඛ කණ්ඩායමක් ඊට එක්වුණා. ඒ අනුව පේදුරුතුඩුව පොලිස් වසමේ ශිව නොලික් ක්රීඩා පිටිය පිටුපස ළඳු කැලෑවක වලදමා තිබූ එම පීඩන බෝම්බ සහ ජීව මෝටාර් උණ්ඩ සොයාගෙන තිබෙනවා. වැඩිදුර පරීක්ෂණ සදහා එම අවි පේදුරුතුඩුව පොලිස් ස්ථානයට භාරදුන් බවයි විශේෂ කාර්ය බලකාය සදහන් කරන්නේ.