ලෝක එක්සත් අරාබි සංවිධානය සංවිධාන කළ ආසියා කරාතේ තරගාවලියේ පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණියා.
ඉන්දියාවේ කල්කටාහි පැවති තරගාවලියට රටවල් 18 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව සිටියා. තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් පහක්, රිදී පදක්කම් 04 ක් හා ලෝකඩ පදක්කම් 05 ක් දිනා ගැනීමට සමත්වුණා. මෙම කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ඔවුන් පිලිගැනීමට දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.