රියදුරන් නොමැති බස් රථ ගුවන් තොටුපල ධාවන කටයුතු සඳහා හදුන්වා දීමට ජපානය තීරණය කළා. එහි අත්හදා බැලිම් වැඩසටහනක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
ටෝකියෝ ඔලිම්පික් උළෙලට සමගාමීව මෙම බස් රථ ධාවනයට යෙදවීමයි අරමුණ. ප්‍රධාන පෙළේ ජපාන ආයතන හයක් ඒ සඳහා එක්ව සිටිනවා. දින 10ක අත්හදා බැලීමක් සිදුකරන බවයි ඔවුන් පවසන්නේ. සංචාරක ආකර්ෂන වැඩපිලිවෙලක් ලෙසටත් නව ව්‍යාපෘතිය හදුන්වා දීමයි ඔවුන්ගේ අපේක්ෂාව. මඟීන් දස දෙනෙකු රැගෙන යා හැකි පරිදි බස් රථයේ පහසුකම් සළසන බවයි ජපානය පවසන්නේ.