මන්නාරම සමූහ මිනී වලෙන් හමුවූ අස්ථි කොටස් පර්යේෂණ සඳහා ඇමරිකාවට අද රැගෙන යන බව විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.
සාම්පල 23ක් රැගෙන යන්නේ ෆ්ලෝරිඩාවේ පිහිටි රසායනාගාරයක් වෙතයි. දින 132ක් පුරා සිදුකළ කැණීම් කටයුතු ඊයේ සිට තාවකාලිකව නතර කර තිබෙනවා. නැවත එය ලබන 30 වනදා සිට ආරම්භ කරන බවයි විශේෂඥ අධිකරණ වෛද්‍යවරවයා සඳහන් කළේ. සති දෙකක් ඇතුළත වාර්තාව ලබාගැනීමයි අරමුණ. ඉන්පසුව එය ඉදිරිපත් කරන්නේ මන්නාරම අධිකරණයටයි. මහේස්ත්‍රාත් ටී සරවනරාජා මහතාගේ නියෝගයක් අනූවයි කැණීම් කටයුතු ආරම්භ වුණේ.