fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම වහාම නවත්වන්නැයි පාසල්වලට උපදෙස්

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2019 17:17

දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම වහාම නවත්වන්නැයි පාසල්වලට උපදෙස්

පාසල්වල කටයුතු සදහා යැයි කියමින් දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරිම නතර කිරිමට වහාම පියවර ගන්නා ලෙස අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර නිකුත් කර ඇති චක‍්‍රලේඛය අනුව සියලු නිලධාරීන් කටයුතු කළයුතු බවයි අමාත්‍යවරයා දැනුම් දුන්නේ. ඒ පිලිබද පසු විපරම් කිරිම සදහා අවශ්‍ය පියවර ගැනීමට ජාතික පාසල් සම්බන්ධ පැමිණිලි භාරගැනීමේ නිලධාරිනියක් ද පත්කිරිමට පියවර ගත්තා. ඒ අනුව එවැනි පැමිණිලි කේ ජී සී මහේෂිකා මහත්මිය, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ, ජාතික පාසල් ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල ලිපිනයට ලිඛිතව දැනුම් දිය හැකියි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2019 17:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්