ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයකු වන නිශාන්ත රණතුංග මහතා ගොනු කළ රීට් පෙත්සමක් මාර්තු මස හයවනදා කැදවීමට අභියාචනාධිකරනය අද නියෝග කළා.
ශ්රී ලංකා ක්රිකට් සභාපති ධුරය සදහා පැවැත්වීමට නියමිත නිලවරණය පැවැත්වීම වළක්වාලමින් නිකුත් කළ අතුරු තහන්ම නියෝගය අත්හිටුවීමට අභියාචනාධිකරණය මීට පෙර නියෝග කළා. මෙම නිලවරණය ලබන මස 21 වනදා පැවැත්වීමට කටයුතු යොදැ ඇති බවට නීතිපතිවරයා අභියාචනාධිකරනයට දැනුම් දුන්නා. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස 27 දෙනෙකු නම් කර තිබෙනවා.