fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිවා රාත්‍රී වොලිබෝල් තරගාවලියේ ශූරතාව රත්නපුර වාසනා කණ්ඩායමට

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2019 13:08

දිවා රාත්‍රී වොලිබෝල් තරගාවලියේ ශූරතාව රත්නපුර වාසනා කණ්ඩායමට

සුචරිත සහයෝගිතා පදනම සහ රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමය එක්ව පළමුවරට සංවිධාන කළ දිවා රාත්‍රී වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට රත්නපුර වාසනා කණ්ඩායම සමත්වුණා.

ඇහැලියගොඩ හිදුරංගල විද්‍යාලීය ක්‍රීඩා පිටියේ පැවති තරගාවලියට කණ්ඩායම් 08 ක් එක්ව සිටියා. තරගාවලිය සංවිධාන කළේ සබරගමුව පළාත් සභා සභාපති ජාතික වොලිබෝල් සම්මේලනයේ උප සභාපති කාංචන ජයරත්න මහතායි. විදුලිබල මණ්ඩල කණ්ඩායම හා වාසනා කණ්ඩායම අතර පැවති අවසන් මහා තරගය උණුසුම් මුහුණුවරක් ගත්තා. තරගයේ පළමු වටය ලකුණු 26 ට 24 ක් ලෙස ජය වාර්තා කිරීමට වාසනා කණ්ඩායම සමත්වුණා. එහෙත් දෙවන වටය ලකුණු 25 ට 22 ලෙස ජය ගැනීමට විදුලිබල මණ්ඩල කණ්ඩායම සමත්වුණා. තීරණාත්මක තුන්වන වටයේ ජය හිමිවුනේ වාසනා කණ්ඩායමටයි. මේ අනුව වට දෙකට එකක් ලෙස ශූරතාව වාසනා කණ්ඩායම දිනා ගත්තා. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජාකත වක්කුඹුර මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2019 13:08

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්