ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 07 දෙනෙකුට එරෙහි නඩුවක් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද (22) කැදවුවා. ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය පරිහරණය ඔවුන්ට එරෙහි චෝදනාවයි.
මෙම නඩුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විභාග කිරීමට බලයක් නොමැති බවට ගෝඨාභය රාජපක්ෂ මහතා මහතාගේ නීතීඥවරයා මූලික විරෝධතා ඉදිරිපත් කළා. මේ අතර මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවන් වන ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සේවය කළ නිලධාරීන් පිරිසක් අද(22) දිනයේ අධිකරණයේ පෙනී සිටියා. කෙසේ වෙතත් ඔවුන්ට අද දිනයේ අධිකරණයේ පෙනී සිටීමට දන්වා ඇත්තේ ප්‍රමාද දෝෂයකින් බව විනිසුරුවරුන් දන්වා සිටියා. නඩු විභාගය ආරම්භ වීමට නියමිත කාලය තුළ විදේශ ගත වීමට අවශ්‍ය නම් ඒ බව දිවුරුම් ප්‍රකාශ මගින් අධිකරණයට දැනුම් දෙන ලෙස විනිසුරුවරුන් දන්වා සිටියා. ඒ අනුව සාක්ෂිකරුවන් තුන් දෙනෙකු විදේශගත වීමට අපේක්ෂා කරන බව දැනුම් දුන්නා. චෝදනා 07 ක් යටතේ මෙම නඩුව ගොණු කර තිබෙනවා. අධි චෝදනාවට අදාළ ලේඛණ ඇතුළු නඩු භාණ්ඩ 105ක් සහ විඝණන වාර්ථාවක් මෙම නඩුවට ඇතුළත්. සාක්ෂිකරුවන් 80 දෙනෙකු ඒ සදහා නම් කර තිබෙනවා.