fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සේනා ආවේ ඉන්දියාවෙන්ද ? – පරීක්ෂණ දිගටම

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2019 12:57

සේනා ආවේ ඉන්දියාවෙන්ද ? – පරීක්ෂණ දිගටම

සේනා දළඹුවා ඉන්දියාවෙන් මෙරටට පැමිණ ඇති බව කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුව පවසනවා. එම දෙපාර්ත්මේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව් වීරකෝන් මහතා ප්‍රකාශ කළේ එය තවදුරටත් තහවුරු කර ගැනීම් සම්බන්ධයෙන් පරීක්ෂණ  ආරම්භ කර ඇති බවයි.

සේනා දළඹුවා මර්දනය කිරීම සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත් විමෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙ‍රෙනවා. ඒ සම්බන්ධයෙන් ගොවි ජනතාව දැනුවත් කිරීමද   සිදු කෙරෙනවා. මොණරාගල සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බඩඉරිගු වෙන්ම උක් බෝගවලට සේනා දළඹු උවදුර ව්‍යෘප්ත වීමේ අවධානමක් මතුව තිබෙනවා.  මෙම දළඹුවා මර්දනයට දේශීය ශාක කොටස් යොදාගනමින් පරිසර හිතකාමී කාබනික දියරයක් නිෂ්පාදනය කළ බව සෙවනගල සමාධිපුර ප්‍රදේශයේ පදිංචි ඩී.ල්.ජී ශ්‍රියාණි මහත්මිය පවසනවා.  ඇය පවසන්නේ කාබනික දියරය ඉසීමෙන්  පසු එක් දිනක් තුළ සේනා දළඹුවා විනාශයට  පත්වන බවයි. එම ප්‍රදේශයට ගිය මහවැලි අධිකාරියේ කෘෂිකර්ම නිලධාරී පිරිසක් ඒ පිළිබද සොයා බැලුවා.

වනස්පති සොබා දහම සංසදය ද මාධ්‍ය හමුවකදි සේනා දළඹු වසංගතය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.

සේනා දළඹුවන් සහිත බඩඉරිගු රැගත් ටිපර් රථයක් නාවුල පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තා. මාතලේ පලාපත්වල ප්‍රදේශයේ කිරි ගව ගොවිපලකට මේවා ප්‍රවාහනය කරමින් තිබූ බව පොලීසිය ප්‍රකාශ කළා. සේනා දළඹුවන් සහිත වගාබිම්වලින් කපා ඉවත් කළ බඩඉරිගු තොගයකුයි මෙසේ ප්‍රවාහනය කෙරුණේ.

සේනා දළඹුවන් මෙරටට රැගෙන ඒමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවට ඇතැම් පිරිසක් ප්‍රකාශ කළද  එවැනි තත්ත්වයත් ඇතිවීමේ අවස්ථාවක් නැති බව ගන්නෝරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ සනත් එම්. බණ්ඩාර මහතා පවසනවා. මෙම දළඹුවා පොහොර හෝ බීජ සමග ගෙනවිත් ඇති බව ප්‍රකාශ කළද එසේ ගෙන ඒමේ හැකියාවක් නැති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2019 12:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්