fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලිබල සංවර්ධනයට ප‍්‍රංශ කැනඩා සහාය

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2019 11:31

විදුලිබල සංවර්ධනයට ප‍්‍රංශ කැනඩා සහාය

ශ්‍රී ලංකාවේ විදුලිබල සංවර්ධනය වෙනුවෙන් කැනේඩියාව සහ ප්‍රංශ රජය එකගතාව පළ කර තිබෙනවා. ඒ දෙරටේ තානාපතිවරුන් ප්‍රමුඛ නියෝජිත පිරිසක් අමාත්‍ය රවී කරුණානායක මහතා හමු වූ අවස්ථාවේදීයි.  මෙම හමුව  විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේදී සිදු කෙරුණා.

දිනෙන් දින වර්ධනය වන ජනගහණයත්, තාක්ෂණික වර්ධනයත් හේතුවෙන් බලශක්ති ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. ඊට මුහුණ දීම සදහා ස්ථිර පිළියම් සෙවීම රජයේ අරමුණයි. මෙහිදී ප්‍රංශ සහ කැනේඩියා තානාපතිවරුන් සදහන් කළේ විදුලිය වැනි අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සැපයීම අතින් ශ්‍රී ලංකාව ලොව බොහෝ රටවලට වඩා ඉදිරියෙන් සිටින බවයි. එය රජයක් වශයෙන් ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයක් බවද ඔවුන් ප්‍රකාශ කළා. මෙහිදී අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ පාරිභෝගිකයාට බරක් නොවන අයුරින් ගුණාත්මක අඛණ්ඩ විදුලි සැපයුමක් සදහා ශ්‍රී ලංකා රජය කැප වී සිටින බවයි. ඒ සදහා පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර වෙත අවධානය යොමු කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ඊට තම රටවල උපරිම සහාය පළ කරන බවයි ප්‍රංශ සහ කැනේඩියා තානාපතිවරුන් මෙහිදී අවධාරණය කළේ.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2019 11:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්