fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එමිල් රංජන් පෙබරවාරි  5 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2019 11:18

එමිල් රංජන් පෙබරවාරි  5 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්  විසිහත් දෙනෙකු  2012 වසරේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු  බන්ධනාගාර අධිකාරි එමිල් රංජන්
ළමාහේවා පෙබරවාරි  මස 5 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන  මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. සැකකරු ඇප මත මුදාහරින ලෙසට ඉල්ලා ඔහු විසින් අභියාචනාධිකරණයේ මේ වන විට ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක
කාර්යාංශ පොලිස්  පරීක්ෂක නියෝමාල්  රංගජීව මේ වන විට ඇප මත මුදාහැර තිබෙනවා. සිද්ධියට අදාළ වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා .

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2019 11:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්