fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා A කණ්ඩායම අයර්ලන්ත A කණ්ඩායම පරදවයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2019 11:11

ශ්‍රී ලංකා A කණ්ඩායම අයර්ලන්ත A කණ්ඩායම පරදවයි

අයර්ලන්ත ඒ ක්‍රිකට් කණ්ඩායම සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයත් පහසුවෙන් ජයගැනීමට ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම තීරණය කළා. ඒ  අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දෙමින් නායක උපුල් තරංග ලකුණු 103ක් ලබා ගත්තා. අවිශ්ක ප්‍රනාන්දු, කමිදු මෙන්ඩිස් හා ඇන්ජලෝ පෙරේරා අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුණා. මේ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 05 ක් දැවී ලකුණු 337 ක් ලබා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමේ පිතිකරුවන්ට සාර්ථකවීමට  ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. මේ අනුව අයර්ලන්ත ඒ ක්‍රිකට් කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකිවුණේ ලකුණු 162 ක් පමණයි. පිතිකරුවන් 07 දෙනෙකුට ලකුනු 09 සීමාව පසුකිරීම හැකි වූයේ නැහැ.පන්දු යැවීමේදී මිලින්ද සිරිවර්ධන  කඩුළු 04 ක් දවා ගත්තා.  මේ අනුව ලකුණු 175 ක ජයක් ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමට හිමි වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2019 11:11

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්