අමාත්‍ය මංගල සමරවීර මහතා එක්සත් ජාතීන්ගේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍ය තාරික් අහමඩ් මහතා හමු වුණා. සංහිදියාව සදහා ක්‍රියාත්මක වැඩපිළීවෙළ ඇතුළු කරුණු කිහිපයක් පිළිබද මෙහිදී අවධානය යොමු කෙරුණා.
ලන්ඩන් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍ය තාරික් අහමඩ් මහතාගේ කාර්යාලයේදීයි හමුව සිදු වුණේ. සංහිදියාව, මානව හිමිකම් ඇතුළු කරුණු රැසක් පිළිබද මෙහිදී සාකච්ඡා කෙරුණා. යුද ගැටුම් පවතින ප්‍රදේශවල ප්රචණ්ඩත්වය වැළැක්වීම සහ ආගමික නිදහස වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළහි විශේෂ නියෝජිතවරයෙකු ලෙසද තාරික් අහමඩ් මහතා කටයුතු කරනවා.