fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලීසිය උගතුන්ගෙන් පිරි සේවාවක් කරන බව ජනපති පවසයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2019 09:11

පොලීසිය උගතුන්ගෙන් පිරි සේවාවක් කරන බව ජනපති පවසයි

පොලිස් දෙපාර්තමේන්තුව උගතුන්ගෙන් පිරි වෘත්තිකයින්ගේ සේවාවක් බවට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ ඩිප්ලෝමා සහතික ප්‍රදානෝත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව කියාසිටියා.

ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ ප්‍රථම ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ ප්‍රඥාව තුළින් වෘත්තිකත්වය යන තේමාව යටතේයි. පාඨමාලාව සාර්ථකව අවසන් කළ ශ්‍රී ලංකා පොලීසියේ 264 දෙනෙකු වෙත ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා සහතික මෙහිදී පිරිනැමුණා. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිතුමා කියාසිටියේ අපරාධ මර්දනයේදී හා බරපතල අපරාධකරුවන් පිළිබඳ කටයුතු කිරීමේදී මානව හිමිකම්වලට මුවා වූ ඇතැම් පිරිස් ඊට එරෙහිව කඩුව ඔසවන බවයි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2019 09:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo