fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කළු මුහුද ආසන්නයේ සිදු වූ  නෞකා අනතුරකින් 11 ක් මරුට

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2019 09:49

කළු මුහුද ආසන්නයේ සිදු වූ  නෞකා අනතුරකින් 11 ක් මරුට

කළු මුහුද ආසන්නයේ සිදු වූ  නෞකා අනතුරකින් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ටැන්සානියාවට අයත් නෞකා දෙකකුයි මෙලෙස අනතුරට ලක් වුණේ. එක් නෞකාවකින් අනෙක් නෞකාවට ඉන්ධන ලබාදීමේදී පිපිරීමක් සිදුව ගින්නක් හට ගෙන තිබෙනවා. භාණ්ඩ ප්‍රවාහන නෞකාවන්  දෙකකුයි මෙසේ අනතුරුට ලක් වූයේ.අනතුරත් සමග නෞකා දෙකේ  සිටි  සේවකයන් කිහිප දෙනෙකු මුහුදට පැන ඇති අතර ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි. මේ වන විට 14 දෙනෙකු බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2019 09:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්