මල්ලවපොර ශූරතාව යාපනය බන්ධනාගාර කණ්ඩායමට
Related Articles
අන්තර් බන්ධනාගාර මල්ලවපොර තරගාවලියේ ශූරතාව දිනාගැනීමට යාපනය බන්ධනාගාර කණ්ඩායම සමත් වුණා.
කොළඹ බන්ධනාගාර ගෘහස්ථ ක්රීඩා පිටියේ පැවති තරගාවලියට බන්ධනාගාර 15 ක් නියෝජනය කරමින් ක්රීඩකයින් හැත්තෑ දෙදෙනෙකු එක්ව සිටියා. තරගාවලියේ ප්රධාන ආරධිතයා ලෙස එක්වුණේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතායි. තරගාවලියේ සමස්ථ ශූරතාව දිනාගැනීමට යාපනය බන්ධනාගාර කණ්ඩායම සමත් වුණා. අනුශූරතාව දිනාගත්තේ මහර බන්ධනාගාර කණ්ඩායමටයි. මඩකලපුව බන්ධනාගාර කණ්ඩායම තරගාවලියේ තුන්වන ස්ථානය දිනා ගත්තා.