නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව මෙතෙක් ගෙන ගිය සටන ඉදිරි සතියේ සිට නව මුහුණුවරකින් ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසනවා. මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය ප්‍රකාශයට පත්කරමින් මුලතිව් හි පැවති වැඩසටහනේ දී ජනාධිපතිතුමා අවධාරණය කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබා දීමට ගත් තීරණය කුමන අන්දමකින් වුවත් වෙනස් නොකරන බවයි.
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ප්‍රකාශයට පත්කිරීම අද මුලතිව් මුල්ලියාවලෛ විද්‍යානන්දන් මහා විද්‍යාලයේ දී ආරම්භ වූයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒ අනුව ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අද සිට ලබන 28 වනදා දක්වා ක්‍රියාවට නැංවෙනවා. ඒ යටතේ ප්‍රධාන වැඩසටහනක් ලෙස අද සිට 25 වනදා දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ක්‍රියාත්මකයි. එහි සමාරම්භක උත්සවයට යාපනය දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් එක්ලක්ෂ පනස් දහසක් උදෑසන ශිෂ්‍ය රැස්වීමේ දී මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද ප්‍රතිඥාව ලබා දුන්නා. සමස්ථ ශ්‍රී ලංකාවටම මහත් ව්‍යසනයක් ව පවතින මත්ද්‍රව්‍ය උවදුර පාලනය හා මර්දනය සදහා ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙලේ දී පාසල් දරුවන් පිළිබද විශේෂ අවධානයක් යොමුකර ඇති අතර ඒ අනුව මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබද පැමිණිලි ලබා දීම සදහා ගාස්තු රහිත කෙටි දුරකතන අංකයක් හදුන්වා දීමද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. ඒ අනුව 1984 අංක අමතා ඕනෑම අයෙකුට ඒ පිළිබද තොරතුරු ලබා දිය හැකියි. අද දිනය වෙන්ව තිබුණේ මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පන්ති කාමර තුළ දරුවන් දැනුවත් කිරීම සදහායි. හෙට දිනයේ මව්පියන් පාසල් වෙත කැදවා පන්ති මට්ටමින් දරුවන් සමඟ සිදුකරන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාවට නැංවෙනු ඇති. 23 වනදා වෙන් කර ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු පිළිබද දැනුවත් කිරීම සදහායි. 24 වනදා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවෙනවා. 25 වනදා ක්‍රියාත්මක කෙරෙන්නේ විවිධ ජනමාධ්‍ය භාවිත කරමින් පාසල් තුළ හා පිටත මත්ද්‍රව්‍ය නිවාරණ පණිවුඩ ප්‍රචලිත කිරීම හා ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමයි. ජනවාරි 26 වනදා ස්වෙච්ඡා සංවිධානවල මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාකාරකම් පිලිබද වැඩසටහන් ක්‍රියාත්මක කරනු ඇති. 27 වනදා ආගමික ස්ථාන හා දහම් පාසල් හරහා මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා තිබෙනවා. මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපතිතුමා සදහන් කළේ තම ඉල්ලීම පරිදී ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සදහා පිලිපීන රජයේ සහාය පළවී ඇති බවත් ඒ සදහා ලබා දිය හැකි තාක්ෂණික උපදේශන සේවාවන් පිළිබද සොයා බැලීමට පිලිපීන විශේෂඥ කණ්ඩායමක් ළගදීම දිවයිනට පැමිණීමට නියමිත බවයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=8N9hDmz2hZU&feature=youtu.be&fbclid=IwAR2ibGTos3N07oHhASuCSzsME_wQXz5g7_AynVUf69aq-kg7ZZ6E8tNgFH0″]
කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවල ගංවතුරෙන් හානියට පත් පාසල් 11 ක ප්‍රතිසංස්කරණ කටයුතු වල මූලික වියදම් සදහා මුදල් ලබා දීම , මුලතිව් දිස්ත්‍රික්කයේ පානීය ජල පහසුකම් නොමැති පාසල් 13 ක් සදහා ජල පහසුකම් සපයා ගැනීමට මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් ද ජනාධිපතිතුමා අතින් සංඛේතාත්මකව සිදු කෙරුණා. යාපනය, මුලතිව්,කිලිනොච්චි ,මන්නාරම යන දිස්ත්‍රික්කවල හමුදාව යටතේ තිබූ රජයේ සහ පෞද්ගලික ඉඩම් අක්කර 264කට හා රජය යටතේ තිබු ප්‍රධාන ගොවිපොල 4 කට අයත් අක්කර 1999 නිදහස් කිරීමට අදාළ ලියවිලි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ජනාධිපතිතුමා වෙත භාරදුන්නා. අදාළ ලිපි ලේඛණ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත භාරදීම සිදු කෙරුණේ ජනාධිපතිතුමා අතින්.