මේ වසරේදී උතුරු කළාපයෙන් එවරස්ට් කන්ද තරණය කරන සංඛ්‍යාව අඩු කිරිමට චීනය තීරණය කළා. පිරිසිදු කිරිමේ ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරිම ඊට හේතුවයි.
කඳු තරණය කරන්නන් රැගෙන යන විවිධ ද්‍රව්‍ය හේතුවෙන් එවරස්ට් කන්ද ආශි‍්‍රත ප්‍රදේශයට හානි සිදුව තිබෙනවා. ඒවා වැළැක්වීම සදහා චීනය දෙසින් කන්ද තරණය කරන සංඛ්‍යාව අඩු කරන බවයි බලධාරින් පවසන්නේ. සංචාරක කාලය ද සීමා කිරිමයි අපේක්ෂාව. පසුගිය දින වලදී කන්ද තරණය කිරිමට උත්සාහ කළ කිහිප දෙනෙකුගේ මළසිරුරු හමුව තිබෙනවා. ඒවා ඉවත් කිරිමටත් චීනය පියවර ගත්තා. සෑම වසරකම කඳු නගින්නන් සහ මාර්ගෝපදේශකයන් හැට දහසක් පමණ චීනය දෙසින් එවරස්ට් කන්ද තරණය කරන බවටයි තොරතුරු ලැබී තිබෙන්නේ. විශේෂ පිරිසිදු කිරිමේ මධ්‍යස්ථානයක් පිහිටුවීමටත් ඔවුන් සැලසුම් කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කළේ.