ඩෙංගු රෝගීන් වාර්තාවීමේ කාලීන ඉහළ යාමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරනවා.
උතුරු පළාතට බලපෑ ගංවතුර තත්ත්වයත් සමඟ මදුරුවන් බෝවිය හැකි ස්ථාන සුලභව පවතින බැවින් එම ප්රදේශවලද ඩෙංගු අවධානම ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරන්නේ. මෙම තත්ත්වය වැළැක්වීමේ අරමුණින් ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් බස්නාහිර පළාතේත් , යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්කවලත් ක්‍රියාත්මක කෙරුණා. නිවාස , පාසල් , වැඩබිම් ,ආගමික ස්ථාන ඇතුළු පරිශ්‍ර 56712 ක් එහිදී නිරීක්ෂණයට ලක් වුණා. එහිදී පරිශ්‍ර 13060 ක මදුරුවන් බෝවීමේ හැකියාව පවතින බව සොයා ගැනුණා.