කළුතර ගල්පාත පුරාණ රජමහා විහාරාධිපති පූජ්‍ය කළුගල නන්දරතන ස්වාමීන් වහන්සේ වෙත රයිගම් කෝරලයේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමේ අක්තපත්‍ර පිළිගැන්වීම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුණා.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාව මගින් ශාසන කීර්ති ශ්‍රී නන්දාරාම යන ගෞරව නාමය සහිතවයි මෙම පදවිය පිරිනැමුණේ. කෝට්ටේ ශ්‍රි කළ්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පූජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ ඇතුළු නායක ස්වාමීන් වහන්සේ ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ඇතුළු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට එක්වුණා. මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම සදහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවයි
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ,
[ot-video type=”youtube” url=”https://youtu.be/-CYkZv3DZg4″]