fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රජය වට්ටක්කා මිලදී ගැනීම අරඹයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2019 11:58

රජය වට්ටක්කා මිලදී ගැනීම අරඹයි

වට්ටක්කා මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙල ආරම්භ වුණා. නොච්චියාගම සහ විලච්චිය ප‍්‍රදේශවල කිලෝග‍්‍රෑමයක් රුපියල් 30 බැගින් එක් ගොවියෙකුගෙන් වට්ටක්කා කිලෝග‍්‍රෑම් 1500 ක් මිලදී ගැනීමටයි සැලසුම් කර තිබෙන්නේ. ඒ සඳහා රජය වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ සියයක්.

රජය ආරම්භ කළ මෙම වැඩපිළිවෙලත් සමඟ වට්ටක්කා තොග සහ සිල්ලර මිල ගණන් ද ඉහළ ගොස් තිබෙනවා. අනෙකුත් ප‍්‍රදේශවල වට්ටක්කා මිලදී ගැනීම සඳහා ද මුදල් වෙන්කර ඇති බවයි අමාත්‍ය පී හැරිසන් මහතා ප‍්‍රකාශ කළේ.

මේ අතර මහ කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු ද මේ වනවිට සිදුකෙරෙනවා. උතුරු, නැගෙනහිර උඳු අස්වැන්න මිලදී ගැනීමට ද රජය සැලසුම් කර තිබෙනවා. දේශීය  උඳු ගොවීන් ආරක්ෂා කිරීමේ අරමුණින් උඳු ආනයනය සහ ආනයනය බද්ද රුපියල් 200 දක්වා වැඩි කිරීමට ද පියවර ගත් බවයි අමාත්‍යවරයා පෙන්වාදුන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2019 11:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්