පේරාරු ජල ව්‍යාපෘතියේ ඉඩම් අහිමි වූ පවුල් සදහා අක්කර 147 ක විකල්ප ඉඩම් බෙදාදීම සිදු කෙරුණා.
උතුරු පළාතේ ක්‍රියාත්මක විශාලතම වාරි ජල ව්‍යාපෘතිය වන්නේ පේරාරු ජල ව්‍යාපෘතියයි. පවුල් 15000 කට පමණ මෙමගින් පිරිසිදු පානීය ජලය ලබාදීමට හැකියාව ලැබෙනවා. ඒ සදහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 500 ක්. ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමේදී කුඹුරු ඉඩම් අහිමි වූ පවුල් සදහා අක්කර 147ක විකල්ප ඉඩම් පිරිනැමීමට කටයුතු කෙරුණා. ප්‍රදේශයේ මාර්ග හා ඇලවේලි පද්ධතියද ප්‍රතිසංකරණය කර දීමට කටයුතු කර තිබෙන බවයි වවුනියාව දිස්ත්‍රික් ලේකම් අයි.එම්. හනීෆා මහතා සදහන් කළේ.