ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවර ලෝන්ග් අයිලන්ඩ් බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කොට්ටාවේ නන්ද ස්වාමීන්වහන්සේ වෙත අභිනව සංඝනායක ධුරය පිරිනැමීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
මහාවිහාර වංශික ශ්‍යාමෝලි වනවාස නිකායේ ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ධුරයයි ජනාධිපතිතුමා අතින් උන්වහන්සේ වෙත පිළිගැන්වුණේ. උත්සවය බණ්ඩාර නායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වුණා. පූජ්‍ය කොට්ටාවේ නන්ද ස්වාමීන්වහන්සේ ධර්ම ප්‍රචාර කටයුතු වල නිරතවෙමින් සිදු කළ මෙහෙවර අගයකරමිනුයි උන්වහ්නසේ වෙත මෙම ධුරය පිලිගැන්වුණේ. නන්දනාභිනන්දන උපහාර හා ශාස්ත්‍රීය දහම් ග්‍රන්ථය ජනාධිපතිතුමා වෙත මෙහිදී පිළගැන්වුණා. මහානායක ස්වාමීන්වහන්සේ ප්රමුඛ මහාසංඝරත්නය ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථා වට එක්ව සිටියා.
මේ අතර පනාගොඩ ශ්‍රී විද්‍යා විජයාරාමයේ අභිනව වාහල්කඩ සහ බෝධීන් වහන්සේ වටා ඉදිකළ රන්වැට ඇතුළු විහාරාරාංග රැසක් සග සතු කොට පූජා කිරීමේ උත්සවය පැවැත්වුණේ ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. විහාරාධිපති පූජ්‍ය කරගහඋල්පත සුගතනන්ද ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහාසංඝයා වහන්සේ සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිතුමා වෙත මෙහිදී ආශිර්වාද පල කළා. අමාත්‍ය පාඨළී චම්පික රණවක මහතා ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගී වුණා.