වසර ගණනාවකට පසු චීනයෙන් අඩුම ආර්ථික වර්ධන වේගයක් වාර්තා වනවා. එම අගය 6.6%ක් බවයි නිල සංඛ්‍යා ලේඛණවල සදහන් වන්නේ.
1999 වසරෙන් පසු එරට ආර්ථිකය තුළ වාර්තාවූ අඩුම වර්ධන වේගය මෙයයි. මෙම ආර්ථික පසුබෑම වාර්තා වී තිබෙන්නේ 2018 වසරේ අවසානයේදීයි. මෙමගින් ගෝලීය ආර්ථිකයට ද බලපෑමක් එල්ල විය හැකි බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා. චීනය ඇමෙරිකාව සමග පවතින වෙළෙද යුද්ධය ද මෙම ආර්ථික පසුබෑමට හේතුවිය හැකිබවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.