ආගරපතන ඩයගම බටහිර වතුයායේ කම්කරුවන් වෙනුවෙන් ඉදි කෙරුණු නව නිවාස 150ක් අද ජනතා අයිතියට පත් කෙරුණා.
ඉන්දිය රජයේ ආධාර යටතේයි මෙම වතු නිවාස ඉදි කර ඇත්තේ. වැය කෙරුණු මුදල රුපියල් මිලියන 170 ක්. විදුලිය , ජලය , අභ්‍යන්තර මාර්ග ,ළමා උද්‍යාන ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් සමන්විත ලෙස නව ගම්මානය ඉදි කර තිබෙනවා. එක් නිවාසයක් සදහා පර්චස් හතක භූමි භාගයක් වෙන් කර ඇති බවයි කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ. පලනි දිගම්බරම් , ගයන්ත කරුණාතිලක යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙනුයි නිවාස ජනතා අයිතියට පත් කෙරුණේ. නිවාස ක්‍රමය ඒබ්‍රහම් සිංයෝ ගම්මාන ලෙස නම් කර තිබෙනවා. නිවාස ලාභීන් වෙත හිමිකම් ඔප්පු ප්‍රධානයද සිදු කෙරුණා.