ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ මාර්ක් සැම්සන් මහතා අභාවප්‍රාප්ත වුණා. මිය යන විට ඒ මහතා පසු වුයේ හැටතුන් හැවිරිදි වියේ.
තෙල්ගේ සැම්සන් මාර්කස් පිරිස් මහතා උපත ලැබුවේ 1956 වසරේ පෙබරවාරි මස 29 වනදායි. ඒ මහතා චිත්‍රපට විශාල සංඛ්‍යාවක් සදහා රංගනයෙන් දායකත්වය සපයා තිබෙනවා. 1984 වසරේදී ජයසිකුරු චිත්‍රපටයෙන් ඔහු රිදි තිරයට පිවිසුණා. මාර්ක් සැම්සන් මහතා රගපෑ චිත්‍රපට අතර ශක්තිය ඔබයි අම්මේ, රන්බිමේ වීරයා, රජදරුවෝ, ලව් 94, ශ්‍රී දළදා ගමනය, මයි නෙම් ඉස් බන්දු, ජය ශක්ති, වියරු මිනිසා, දඩබිම ආදිය බෙහෙවින් ජනප්‍රියට පත් වුණා. ඒ මහතා කලක් රෝගාතුරව සිටි බවයි පවුලේ ඥාතින් සදහන් කළේ.