මෙක්සිකෝවේ ඉන්ධන නලයක් පුපුරා යාමෙන් මියගිය ගණන තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.66 දෙනෙකු මියගොස් 75 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
හිදල්ගෝ ප්රාන්තයේ පිහිටි නලයෙන් කිසියම් පිරිසක් ඉන්ධන සොරා ගැනීමට යාමේදී එහි කාන්දුවක් සිදුවන්නට ඇති බවටයි පොලීසිය සැක පළකරන්නේ. කෙසේවෙතත් කාන්දුව සිදුවන ස්ථානයේ පවතින අවදානම් තත්වය ආරක්ෂක අංශ දැනුම්දී නොමැති බවට ප්රදේශවාසීන් චෝදනා කරනවා. පසුව හටගත් පිපිරීමත් සමඟ විශාල ගින්නක් පැතිරුණා. මියගිය සහ තුවාල ලැබූවන් අතර කාන්තාවන් ද සිටින බවයි වාර්තා වන්නේ.