fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉඩම් බලපත‍්‍ර පන්දහසක් මහනුවරට

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2019 09:13

ඉඩම් බලපත‍්‍ර පන්දහසක් මහනුවරට

ඉඩම් බලපත‍්‍ර පන්දහසක් ඉදිරි මාස තුන ඇතුළත මහනුවර දිස්ති‍්‍රක්කයේ හිමිකරුවන්ට ලබාදෙන බව ඉඩම් අමාත්‍යාංශය පවසනවා.

බලපත‍්‍ර පදනම මත රජය ප‍්‍රදානය කළ ඉඩම්වල හිමිකරුවන්ට ඒවායේ නීත්‍යානුකූල අයිතිය ලබාදීමයි මෙහි අරමුණ. මහනුවර දිස්ති‍්‍රක්කයේ අවශ්‍ය මැනීම් කටයුතු කඩිනම් කරන ලෙස අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අදාළ ආයතන හා නිලධාරීන් වෙත දැනුම් දුන්නා. ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ රජයේ වැඩසටහන යටතේ මේ වනවිට කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. පසුගිය වසර කිහිපය තුළ විශාල පිරිසකට නීත්‍යානුකූල හිමිකම් ලබාදීමට හැකිවූ බවයි අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ. මීට සමගාමීව නීත්‍යානුකූල හිමිකම් නොමැති තවත් පූජා භූමි 500 කට ද ඔප්පු ලබාදීමටයි නියමිත. රජයේ කාර්යාල පවත්වාගෙන යන බොහෝ ඉඩම්වල ද විධිමත් ඔප්පු නොමැති බවයි හදුනා ගැණුනේ. එවැනි රාජ්‍ය ආයතන දොළොස් දහසක් පමණ වන අතර වැඩිම ප‍්‍රමාණය පාසල් බව ද ඉඩම් අමාත්‍යාංශය පෙන්වාදෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2019 09:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo