fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෛද්‍ය පීඨ වලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව වැඩි කෙරේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2019 09:06

වෛද්‍ය පීඨ වලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව වැඩි කෙරේ

නව උපාධි පාඨමාලා දෙකක් මේ වසරේ සිට හදුන්වාදෙන බව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව පවසනවා. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින්.

සමාජ වෘතවේදය සහ භූගෝල තොරතුරු විද්‍යාව නමින් එම විෂයන් හදුන්වාදී ඇති බවයි කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා සඳහන් කළේ. එක් පාඨමාලාවකට 2018, 2019 අධ්‍යයන වර්ෂයේදී සිසුන් 50 දෙනෙකු බැගින් බඳවා ගැනීමට නියමිතයි. මෙම අධ්‍යයන වර්ෂය සඳහා රජයේ විශ්වවිද්‍යාල වලට සිසුන් 31,158දෙනෙකු බඳවා ගැනීමටයි සැලසුම් කර තිබෙන්නේ.

මේ අතර විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ සංඛ්‍යාව වැඩිකර මේ වසරේදී වැඩි සිසුන් ප‍්‍රමාණයක් වෛද්‍ය පීඨ වලට ඇතුලත් කරගැනීමයි සැලැස්මවී තිබෙන්නේ. දැනට වෛද්‍ය පීඨ ගණන 8 ක් කි‍්‍රයාත්මක වන අතර සබරගමුව විශ්වවිද්‍යාලයට අලුතින් වෛද්‍ය පීඨයක් පසුගියදා එක් කෙරුණා. වයඹ විශ්වවිද්‍යාලයට ද අලුතින් වෛද්‍ය පීඨයක් එක් කිරීමටයි නියමිතව තිබෙන්නේ. ඒ සඳහා කුලියාපිටිය මහ රෝහල ශික්ෂණ රෝහලක් බවට පත්කිරීමයි සැලැස්ම. මීට අමතරව මොරටුව විශ්වවිද්‍යාලය මගින් ද වෛද්‍ය පීඨයක් ආරම්භ කරන බවයි මොහාන් ද සිල්වා මහතා සඳහන් කළේ. රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ද මේ වනවිට වැඩි සිසුන් ගණනකට අවස්ථාව ලබාදී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2019 09:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo