ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය හෙට සිට කි‍්‍රයාත්මක බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය ප්‍රකාශ කළා. එය ප්‍රකාශයට පත්කිරීමේ සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 9.30 ටයි. ඒ මුලතිව් මහා විද්‍යාලයේදීයි.
“මත්ද්‍රව්‍ය නිවාරණය දරුවන්ගෙන් ඉගෙන ගනිමු” යන තේමාව යටතේ සිසුන් මත්ද්‍රව්‍ය නිවාරණ කි‍්‍රයාවලියෙහි සකී‍්‍රය කොටස්කරුවන් බවට පත්කර ගැනීම මෙහි අරමුණයි. මෙම මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය දිවයිනපුරා පිහිටි පාසල් දස දහසේම කි‍්‍රයාත්මක කිරීමටයි නියමිතව තිබෙන්නේ. හෙට දිනයේදී මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද පන්ති කාමරය තුළ දරුවන් දැනුවත් කිරීමේ කි‍්‍රයාකාරකම් සිදුකෙරෙනවා. අනිද්දා දිනයේදී මව්පියන් පාසල් වෙත කැඳවා පන්ති මට්ටමින් දරුවන් සමඟ සිදුකරන මත්ද්‍රව්‍ය නිවාරණ කි‍්‍රයාකාරකම් ගැනයි අවධානය යොමු වන්නේ. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු පිළිබද දැනුවත් කිරීම ද තවත් වැඩසටහනක්. මත්ද්‍රව්‍ය පිළිබද දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමට ද පියවර ගැනෙනවා. විවිධ ජනමාධ්‍ය භාවිත කරමින් පාසල තුළ හා පිටත මත්ද්‍රව්‍ය නිවාරණ පණිවිඩ ප්‍රචලිත කිරීම මෙන්ම ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද මෙම සතියට ඇතුලත්. ස්වෙච්ඡා සංවිධානවල මත්ද්‍රව්‍ය නිවාරණ කි‍්‍රයාකාරකම් ඇතුලත් වැඩසටහන් ද පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.