fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

6 දෙනෙකුට මරු කැඳවූ වෙන්නප්පුව රිය අනතුර

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2019 08:47

6 දෙනෙකුට මරු කැඳවූ වෙන්නප්පුව රිය අනතුර

දිවයිනේ ප්‍රදේශ  කිහිපයක සිදු වු අනතුරු වලින් පුද්ගලයින් අට දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

වෙන්නප්පුව නයිනමඩම පාලම අසල දි අධික වේගයෙන් පැමිණි මොටර් රථයක් , ධාවනය වෙමින් තිබූ ලොරි රථයක පිටුපස ගැටිමෙන් අනතුරක් සිදුවුණා. ඉන් පුද්ගලයින් හය දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර තවත් තිදෙනෙකු බරපතල තුවාල ලැබුවා.  අනතුර සිදුවන අවස්ථාවේ කාර් රථයේ පුද්ගලයින් නව දෙනෙකු ගමන් කර තිබෙනවා. වෛයික්කාල් ප්‍රදේශයේ පැවති ප්‍රිය සම්භාෂණයකට සහභාහී වී පැමිණෙමින් සිටි පිරිසකුයි මොටර් රථයේ ගමන් කර ඇත්තේ. අනතුරින් බරපතල තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට මීගමුව රෝහලේ ද තවත් අයෙකු කොළඹ ජාතික රෝහලේ ද  ප්‍රතිකාර ලබනවා.

මේ අතර ජා ඇල තුඩැල්ල දුම්රිය ස්ථානය අසළ දුම්රිය හරස් මාර්ගයේ ඊයේ සිදුවූ අනතුරෙන් බරපතල තුවාල ලබා සිටි පුද්ගලයා ද ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දීයි ඔහු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ. එම අනතුරට ලක්වූ කාන්තාව සහ දියණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා..

වැල්ලවාය ඇල්ල ප්‍රධාන මාර්ගයේ බන්ධනාගාර නිලධාරීන් ගමන් ගත් වෑන් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයා එම ස්ථානයේ දීම ජිවිතක්ෂයට පත් වුණා. ඔහු වයස අවුරුදු දහ අටක් වන විවාහකයෙකු බවයි පොලිසිය සදහන් කරන්නේ. අනතුර සම්බන්ධයෙන් අත්තඩංගුවට ගත් බන්ධානගාර වෑන් රථයේ රියදුරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2019 08:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo