fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තු ගැටුමේ අවසන් වාර්තාව ලබන අඟහරුවාදා කථානායකට

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2019 17:41

පාර්ලිමේන්තු ගැටුමේ අවසන් වාර්තාව ලබන අඟහරුවාදා කථානායකට

පාර්ලිමේන්තු ගැටුමේ අවසන් වාර්තාව ලබන අඟහරුවාදා (22) කථානායකවරයාට භාරදෙන බව විමර්ෂණ කමිටුවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ප‍්‍රකාශකළා.

පසුගිය නොවැම්බර් මස 14,15 සහ 16 දිනවල පාර්ලිමේන්තු සභාගර්භයේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් විමර්ෂණ කමිටුව අවසන්වාර්තාව සකස් කර තිබෙනවා.එය ලබන අඟහරුවාදා (22) දහවල් 12.30 ට කථානායකවරයාට භාරදීමටයි නියමිතව තිබෙන්නේ. මන්ත‍්‍රිවරුන් ගැටුම්කාරී අවස්ථාවේදී හැසිරුණු ආකාරය ඇතුලත් වීඩියෝ දර්ශන ද වාර්තාවට ඇතුලත්. එය කථානායක කරු ජයසුරිය මහතාට භාරදීමෙන් පසු නීතිපතිවරයා වෙත යොමුකිරීමයි අපේක්ෂාව. නීතිපති උපදෙස් මත ඉදිරි පියවර තීරණය කරනු ඇති බවයි නියෝජ්‍ය කථානායකවරයා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2019 17:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්