උතුරු පළාත තුළ ආදර්ශ ගම්මාන පන්සීයක් ඉදිකිරීමට නිවාස සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා. ජලගැලීම්වලින් විනාශ වූ නිවාස පන්දහසක් ඉදිකිරීමේ වැඩසටහන අද(19) ආරම්භ වුණා.
උතුරු පළාතේ දිස්ත්රික්ක පහම ආවරණය වන පරිදී ආදර්ශ ගම්මාන 500ක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගරපලන්සූරිය මහතා පවසනවා. කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්රික්කවල ජලගැලීම් හේතුවෙන් හානියට පත් නිවාස පන්දහසක් ඉදිකිරීමේ කටයුතු අද (19)ආරම්භ වූ බවයි සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/BTC2II8DM94″]