විදුලිසැර වැදිමෙන් වන අලියෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වගා හිමිකරුවෙකු අත්අඩංගුවට ගත් බව වනජීවි නිලධාරින් ප්රකාශ කළා.
ඒ ගිරාඳුරුකෝට්ටේ උල්හිටිය ධීවර ගම්මානයේදි. බඩඉරිඟු වගා භූමියක් වටා ඇද තිබු අනාරක්ෂිත විදුලි කම්බියකට හසුවිමෙන් වන අලියා මියගොස් තිබෙනවා. අවුරුදු දහයක් පමණ වයසැති වන අලියාගේ උස අඩි හයහමාරක් පමණ වන බවයි උල්හිටිය වනජීවි නිලධාරීන් සදහන් කළේ.