ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අඛණ්ඩවම ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට කැමැත්ත පළකර තිබෙනවා. ශ්‍රී ලංකාව අපේක්ෂා කරන ණය වාරික ලබා ගැනීමේදී ඉදිරිපත් කරන කොන්දේසි ලිහිල් කිරීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කැමැත්ත දක්වා ඇති බවයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කරන්නේ.
ශ්‍රී ලංකා ආර්ථික සංගමයේ වාර්ෂික සැසිවාරයට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. තවත් දේශන කිහිපයක්ම මෙම සැසිවාරයේදී පැවැත්වුණා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය ඇතුළු නිලධාරීන් හමුවීමෙන් රටට වාසි රැසක් අත්වූ බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/a1Ze_rm9EsE”]
”මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන නිලධාරීන් දෙදෙනෙකු හමුවුණා. අමාත්‍යවරයා සිදුකළ එම හමුවේ මූලික අරමුණ වුනේ ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සබදතා වර්ධනය කර ගනිමින් අපේ රටේ සංවර්ධනයට වැඩි වශයෙන් ආධාර ලබා ගැනීමයි. ඇත්තටම ඒක සාර්ථක වුණා. පසුගිය ඔක්තෝබර් 26 වනදායින් පසුව ඇතිවූ තත්ත්වය නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා නොදුන් ආධාර නැවත ලබාදීම පිළිබද ඔවුන්ගේ අවධානය යොමුවුණා. ඒ අනුව මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් ලබන මාසයේ දී අපේ රටට පැමිණීමට නියමිතයි. එම සංචාරයේදී කරුණු කිහිපයක් පිළිබද ඔවුන් අවධානය යොමු කරනවා. ණය වාරික ගෙවීමේ දී අදාළ කොන්දේසි ලිහිල් කිරීම ගැනත් ඔවුන් හොයල බලනවා. ඒ අනුව යහපත් බලාපොරොත්තු අපට තියාගන්න පුලුවන් වෙයි.”